Refund & Return Policy for Onesie Store
අප ආයතනය විසින් එවන ලද භාණ්ඩය කුරියර් සේවාව (Courier Service) මඟින් ඔබ අතට පත් වන තෙක් පමණක් අප ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම දරනු ලැබේ.
භාණ්ඩය සාර්ථකව ඔබ අතට ලැබුණු පසුව සිදුවන කිසිදු හානියක්, අස්ථානගත වීමක් හෝ වෙනත් ගැටලුවක් සම්බන්ධයෙන් අප ආයතනය වගකීමක් දරනු නොලැබේ.
භාණ්ඩය ලැබුණු අවස්ථාවේදීම එය පරීක්ෂා කර බැලීමට කාරුණික වන්න. යම් හෙයකින් කුරියර් මඟින් ගෙන එන විට හානියක් වී ඇත්නම්, එම අවස්ථාවේදීම අපගේ පාරිභෝගික සේවය (+94 75 605 0354) අමතා අපව දැනුවත් කළ යුතුය.
සාමාන්‍ය තත්වයන් යටතේ ගෙවන ලද මුදල් නැවත ලබා නොදෙන අතර, භාණ්ඩයේ නිෂ්පාදන දෝෂයක් ඇත්නම් පමණක් එය පරීක්ෂා කර බලා භාණ්ඩය ලැබී දින 3ක් ඇතුළත හුවමාරු කර දීමට කටයුතු කරනු ලැබේ.